Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

පාකිස්ථාන තලේබාන් සංවිධානයට නව නායකයෙක්

පාකිස්ථාන තලේබාන් සංවිධානයේ හිටපු නායකයා ඇමරිකානු සහ ඇෆ්ගන් හමුදා ක්‍රියාත්මක කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියයෑමෙන් පසු ඊට නව නායකයෙකු පත් කරගෙන තිබෙනවා.

පාකිස්ථාන තලේබාන් නායක මුල්ලා ෆසලුල්ලා පසුගිය ජුනි 15 වනදා ඇෆ්ගනිස්ථාන - පාකිස්ථාන දේශ සීමාවේ කුනාර් ප්‍රාන්තයේදී ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව ඔවුන් සිය නව නායකයා ලෙස මුෆ්ටි නුර් වාලි මෙෂූඩ් පත්කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ටෙහරීක් ඊ තලේබාන් හෙවත් පාකිස්ථාන තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු නව නායකයා පත් කිරීම නිවේදනය කරනු ලැබුවා. ඔවුන් සිය හිටපු නායකයා මියගිය බව පිළිගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි.