Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් ගෝලීය ආර්ථීකය අවදානමකට ලක්වේ

ඇමරිකාව ක්‍රියාත්මක කරන වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් ගෝලීය ආර්ථික අවදානමට ලක්වනු ඇති බවට ජාත්‍යන්තර මුදල් අරමුදල අනතුරු අඟවයි.

තීරු බදු වැඩි කිරීම හා ආනයනය සීමා කිරීම ඇතුළු ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්තිය ගෝලීය ආර්ථික හා වෙළඳ පද්ධතියට හානි සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය 14 වැනි දින නිවේදනයක් පළ කරමින් ප්‍රකාශ කළේය. විවෘත, සාධාරණ හා නියමය පදනම් කර ගත් වෙළඳ පද්ධතියක් ගෝලීය ආර්ථිකයට අවශ්‍ය බව එම නි‍වේදනයේ සඳහන් වේ.

ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්තිය හා ක්‍රියාව වෙත විවිධ පාර්ශ්ව අවධානය යොමු කර තිබේ. එම ක්‍රියාවන් මගින් ඇමරිකාවටත් වෙළඳ හවුල්කාරී රටවල් වලටත් හානි සිදු වනු ඇති බවට විවිධ පාර්ශ්ව කනස්සල්ල පළ කළහ.