හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වන මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දේ.
එහි වටිනාකම රුපියල් බිලියන 93 කි. මේ බව එම අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙස සැළකේ.
ඒ සඳහා වූ චෙක්පත මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත රේ රෙන් මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත 20 වැනි දින භාර දී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මසදී සහ මෙම වසරේ ජනවාරි මස මුදා හැරුණු පළමු හා දෙවන වාරිකයන් සඳහා පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 292ක් හෙවත් රුපියල් බිලියන 46 ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 97ක් හෙවත් රුපියල් බිලියන15ක් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකා රජය වෙත ලබා දී තිබේ.