Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

ඇමරිකා - දකුණු කොරියා යුද අභ්‍යාස තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්

ඇමරිකාව හා දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිත වූ ඒකාබද්ධ යුද අභ්‍යාස දින නියමයක් නොමැතිව තාවකාලිකව අත්හිටුවන බව, ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.

මේ මස 12 වැනි දින සිංගප්පූරුවේ පැවති ඇමරිකා - උතුරු කොරියා නායක හමුවේ දී එළඹුණු එකඟතාව ක්රියාත්මක කිරීම සඳහා එම තීරණය ගෙන ඇතැයි, ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඉදිරියේදී උතුරු කොරියාව ඇමරිකාව සමග අඛණ්ඩව ඵලදායී සාකච්ඡා පැවැත්වීමේ කැමැත්ත අනුව ඇමරිකා - දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස පිළිබඳව තීරණය කෙරෙන බව එම නිවේදනයේ දැක්වේ. ඉදිරි අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ “Ulchi Freedom Guardian”නම් වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාස තාවකාලිකව නතර කරන බව පසුගිය 18 වැනි දින ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබිණ.