Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

භූමිතෙල් මිළ අඟහරාවාදා (12) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කෙරේ

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසයි.

අඟහරාවාදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩුකිරීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගියදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් ඉහළ දැමීමට පියවර ගැණුනු අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල 101ක් දක්වා ඉහළ ගියේය. කෙසේවෙතත් භූමිතෙල් මිල ඉහළ යාමෙන් සිය කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව පවසමින් ධීවර ප්‍රජාව විරෝධතා ක්‍රියා මාර්ගවල ද නිරත විය.