Social Icons

facebookrss feedemailtwitter

Monday, June 11, 2018

උ. කොරියානු නායකයා සිංගප්පූරුවට

ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්වීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය ගුවන්යානයෙන් පියොංයැං නුවර සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර 12 වැනි දින සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත්තේ සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේදීය. සාකච්ඡා පැවැත්වෙන ප්‍රදේශය අවට ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති අතර, එහි දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇත.