Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ බදු පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවේ.

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් “උපයන විට ගෙවිම් බදු” ලෙස රජයට ගෙවිය යුතු බදු මුදල් එම ආයතනය මගින් ගෙවීම වෙනුවට අදාළ නිලධාරීන් ගෙන්වා අය කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

බොහෝ අවස්ථාවල ඇතැම් උසස් නිලධාරීන් “උපයන විට ගෙවිය යුතු බදු මුදල්” මේ වනවිට ගෙවනු ලබන්නේ ඒ ඒ ආයතන විසිනි. මෙය අසාධාරණ බවත් එමගින් රජයේ අනෙකුත් සේවකයින්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.