Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

යකඩ සහ වානේ සඳහා ඇමරිකාව ඉහළ තීරු බඳු අය කරයි

යුරෝපා සංගමයෙන් ආනයනය කරන වානේ හා යකඩ නිෂ්පාදන සඳහා ඇමරිකාව ඉහළ තීරු බදු අය කරයි.

මේ මස 1 වැනි දින සිට ඇමරිකාව යුරෝපා සංගමයේ නිෂ්පාදිත වානේ හා යකඩ සඳහා සියයට 25ක තීරු බදු අය කරන බව ඇමරිකා වාණිජ ලේකම් Wilbur Ross මහතා පැවසීය. මේ අතර කැනඩාව හා මෙක්සිකෝවේ වානේ හා යකඩ නිෂ්පාදන සඳහා ද ඇමරිකාව සියයට 10ක තීරු බදු අය කරන බව පැවසේ.

මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව යුරෝපා සංගමය පවසයි. ලෝක වෙළඳ සංවිධානයේ ගැටළු පිළිබඳ විසඳුම් සම්පාදනය කෙරෙන ආයතනයට ඇමරිකාව සිදු කරන මෙම ක්‍රියාව පිළිබද කරුණු ඉදිරිපත් කරන බව, යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත. එමෙන්ම ප්‍රතිචාර ලෙස ඇමරිකාවෙන් ආනයනය කරන ඇතැම් වෙළඳ භාණ්ඩ සඳහා තීරු බදු වැඩි කිරීමට ඉදිරියේදී යුරෝපා සංගමය ද කටයුතු කරනු ඇති.