Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

පා පන්දු ලෝක කුසලානයට ආරක්ෂාවක්

21 වැනි ලෝක කුසලාන පා පන්දු තරගාවලිය 14 වැනි දින රුසියාවේ  කලිනියන්ග්‍රාද් ප්‍රාන්තයේ කලිනියන්ග්‍රාද් නුවර කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් පා පන්දු තරගාවලියට තර්ජන එල්ල වී ඇති හෙයින්, රුසියානු රජය තරගාවලියට සුවිශේෂී ආරක්ෂාවක් යොදා තිබේ.

පළමු තරගය පැවැත්වුණේ රුසියාව සහ සෞදි අරාබිය අතරය. නගරය පුරා සී.සී.ටීවී ආරක්ෂක කැමරා 700 කින් සමන්විත පද්ධතියක් ස්ථාපිත කර ඇත. ඊට අමතරව, තවත් කැමරා 12,000 ක් පා පන්දු තරග පැවැත්වෙන කලිනියන්ග්‍රාද් නුවර ක්‍රීඩාංගනවල සවි කර තිබේ. මෙම කමරා පද්ධතිය මුහුණු හඳුනා ගැනීමේ පරිගණක වැඩසටහන් පද්ධතියකට සම්බන්ධය. එහෙයින්, ත්‍රස්ත සැකකරුවන හෝ  සැකකටයුතු අයකු සිටී නම් හෝ වහා ආරක්ෂක අංශ ඒ පිළිබද දැන ගනු ඇතැයි පැවැසේ. ආරක්ෂක කැමරා පද්ධතිය පළමු ආරක්ෂක වැඩපිළිවෙළ ලෙස සැළකෙයි.

දෙවැනි ආරක්ෂක වැඩපිළිවෙළ වන්නේ රුසියානු ‘ස්පෙට්ස්නෝට්ස්’ විශේෂ කාර්ය බළකා සෙබළුන්ය. ඕනෑම ආකාරයක ත්‍රස්ත තර්ජනකට මුහුණ දීමට මෙම බළකා සෙබළුන් මනා ලෙස පුහුණුව ලබා සිටින බව පැවැසේ.