Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

ප්ලූටෝ ග්‍රහයා මත මීතේන් අයිස් කඳු

සූර්යග්‍රහ මණ්ඩලයේ දුරස්ථවම පිහිටි ග්‍රහලෝකය වන ප්ලූටෝ ග්‍රහයා මත ඝණීකරණය වූ මීතේන් අයිස් කඳු පවතින බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා.
ප්ලිමන්ත් සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය මැට් ටෙල්ෆර් මෙම අයිස් කඳු සහ ප්ලූටෝගේ වායුගෝලය අතර සමීප සබඳතාවක් පවතින බවයි. එමෙන්ම, ප්ලූටෝ ග්‍රහයා මත වේගවත් සුළං දහරා පවතින බව ද මෙම විද්‍යාඥයන් පෙන්වා දී ඇති තවත් කරුණක්. මෙහි මීතේන් ඝණීකරණය වීමට හේතුවී ඇත්තේ සෙන්ට්‍රිග්‍රේඩ් අංශක ඍණ 230 ක් පමණ වන අධි ශීත තත්ත්වයකයි.