Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 2, 2018

වීනස්ගේ පරාජයෙන් පැරීසිය සංවේගයට

චීනයේ වොං කියැං හමුවේ ලකුණු 6 - 4 ක් සහ 7 - 5ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් වසර 17 කට පසුව පළමු වතාවට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්ව වේලාසනින්ම ගෙදර යාමට අමරිකාවේ වීනස් විලියම්ස්ට සිදුවිය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 7 කට හිමිකම් කියන මේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාව පිට පිට තරග වට දෙකකින්ම චීනයේ නව ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වීම තරගාවලියම කැළඹීමකට ලක්වූ කාරණාවක් විය. දෛවෝපගත සිදුවීම වන්නේ පසුගිය වසරේ තරගාවලියේදීත් වීනස්ට පළමු වටයේ දී මුලින්ම තරග වැදිමට සිදුවූයේ ද මේ චීන ක්‍රීඩිකාව සමග වීමය. නමුත් මෙවර ප්‍රතිඵලය පමණක් වෙනස් විය.

වසර 2002 දී අනුශූරිය බවට පත්වීමෙන් පසුව වීනස්ට ප්‍රංශ විවෘත ටෙනිස් පිටිය කොහෙත්ම හිතකර තැනක් නොවීය. අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 91 වැනි තැන පසුවන 26 හැවිරිදි වොං තරගය පුරාම අඩියක්වත් පසුපසට නොගෙන ආක්‍රමණශීලී ආකාරයෙන් ක්‍රීඩා කළේය.