Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

ජාතික විගණන පනත 1 වැනිදා සිට ක්‍රියාත්මකයි

ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීම ලබන අගොස්තු මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 1 (02) වන වගන්තිය මඟින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඉකුත් 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිණ. ඉකුත් 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික විගණන පනත පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ජාතික විගණන පනතට කතානායක කරු ජයසූරිය මහතා ඉකුත් 18 වැනිදා අත්සන් තබා ඇත. වසර දෙකහමාරක පමණ කාලයක් ක්‍රියාත්මක නොවූ ජාතික විගණන සේවා කොමිසම ජාතික විගණන පනත බලාත්මක වීමත් සමඟ ක්‍රියාත්මක වනු ඇති. ජාතික විගණන කාර්යාලය නව පනතින් ස්ථාපිත කෙරෙනු ඇති අතර ඉන් විගණකාධිපතිවරයාට සිය කාර්යභාරය හා වගකීම් නිසි පරිදි ඉටු කර ගැනීමට උපකාර වනු ඇත.