Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

නවාස් ෂරීෆ් රෝහල් ගත කෙරේ

දස වසරක සිර දඬුවමක් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ඉස්ලාමාබාද් රෝහල වෙත රැ‍ගෙන ගොස් තිබේ.

හෘදය සම්බන්ධ පැන නැගුණු ගැටලු හේතුවෙන් ඔහු මෙසේ රෝහල් ගත කළ බව වාර්තා වේ. බලධාරීන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඔහු රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද්හි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනය වෙත මාරු කළ බවයි.

68 හැවිරිදි ෂරීෆ් පපුවේ වේදනාවක් සම්බන්ධයෙන් සිදු කළ දැනුම්දීමකට අනුව සිදු කළ මූලික පරීක්ෂණ වල දී ගැටලු සහගත තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ඔහු රෝහලේ ගත කරන කාලය තීරණය කරනුයේ වෛද්‍යවරුන් විසින් බව පන්ජාබ් ප්‍රාන්තයේ ඇමැතිවරයකු වන ෂකට් ජාවේඩ් මාධ්‍ය වෙත පැවසීය. නවාස් ෂරීෆ් ඇතුළත් කළ රෝහලේ ආරක්ෂක සේවාවට අමතරව පොලිස් හා අතුරු හමුදා කණ්ඩායම් ද රෝහල් පරිශ්‍රයේ යොදවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.