Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ලාඕසයේ වේල්ලක් කැඩි යාමෙන් සිය ගණනක් අතුරුදන්

ලාඕසයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ජල විදුලි බලාගාරයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බවටත් සැක පල කෙරෙයි. මේ සමඟ ගලා ආ ජලය කියුබික් මීටර් බිලියන ගණනාවකින් අවට ගම්මාන 6ක් ජලයෙන් යටවී  ඇති බව වාර්තා වෙයි. සිදුවීමෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති බවට සැක පල කෙරෙයි.

එමෙන්ම තවත් විශාල පිරිසක් අවතැන්ව සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මේ අතර අතුරුදන් පිරිස් සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර ඇතැයි එරට බලධාරීන් සඳහන් කළේය. බිඳී ගිය වේල්ලේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදී වන අතර මේ වසරේ එහි විදුලි ජනන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබූ බවත් සඳහන් වෙයි. කෙසේ නමුත් වේල්ල බිඳී යාමට නිශ්චිත හේතුවෙක් මෙතෙක් අනාවරණවී නැහැ.