Social Icons

facebookrss feedemailtwitter

Friday, July 13, 2018

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවධානය ....

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වේ.

දෙදින නිල සංචාරයක් සදහා පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව 12 වැනි දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

2016 වසරේදී ජනාධිපති තුමා තායිලන්තයේ සිදුකළ සංචාරයේදී කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද නායකයින් ඉදිරියේ අත්සන් තැබීම සිදුවිය. නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබුණු අතර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර එම ගිවිසුමට අත්සන් තැබීය.

දෙරට අතර ක්‍රමෝපායික ආර්ථීක හවුල්කාරිත්වය පිළිබදව ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙද අමාත්‍යවරිය අත්සන් තැබීය.


තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබද ආර්ථීක දර්ශනය  මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරම් වැඩසටහන පිළිබද සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. එමෙන්ම ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සදහා තාක්ෂණික සහයෝගීතාවය පිළිබද ගිවිසුමට තායිලන්තයේ Kasetsart  විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අතර අත්සන් තැබීම ද සිදුවිය.