Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

චීන ජනපතිගේ ප්‍රථම විදෙස් නිල සංචාරය ඓතිහාසිකයි

චීන ජනාධිපතිවරයා මේ වසරේ සිදු කළ ප්‍රථම විදේශ නිල සංචාරය සාර්ථක හා ඓතිහාසික සංචාරයක් බව එරට විදේශ ඇමැතිවරයා පවසයි. මේ සංචාරය තුළ, සහයෝගීතා ගිවිසුම් 40ක් පමණ අත්සන් කර ඇත.

විවිධ පාර්ශ්වයන්ගේ ජනතාවගේ සුබසෙත සැලසීමේ දැවැන්ත ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්ය. චීන-අප්‍රිකා සහයෝගීතා ඵලදායී, ගුණාත්මක හා වාසි සහගත බව ඉන් පිළිබිඹු වන බව ද චීන විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 19වැනි දා සිට 29වැනි දා දක්වා,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෙනගල් රාජ්‍යය, රුවන්ඩා හා දකුණු අප්‍රිකාව යන රටවල සංචාරය කළ අතර බ්‍රික්ස් රටවල නායකයන්ගේ 10වැනි සමුළුවටද එක් විය.

එසේම ඔහු මොරිසස් රාජ්‍යයේ සුහද සංචාරයක ද නිරත විය. සංචාරය නිමාවට පත්වීම නිමිත්තෙන්, චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ ඇමැති වං යී මහතා මාධ්‍ය අමතමින් ෂී ජින් මහතාගේ මේ සංචාරය, චීනය හා සංවර්ධනය වෙමින් පවතින රටවල් හා නව නැගී එන ආර්ථිකයන් අතර උපායමාර්ගික සහයෝගතා තහවුරු කිරීමේ සාර්ථක හා ඓතිහාසික සංචාරයක් බව පැවසීය. මේ සංචාරයෙන් චීනයේ වි‍ශේෂ ලක්ෂණයන්ගෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට මඟ පෙන්වීමට හැකි වූ බව පැවසූ චීන විදේශ ඇමැතිවරයා චීනය හා සෙසු රටවල් අතර සබඳතා හා දකුණු-දකුණු සහයෝගීතා සඳහා ද නව ක්‍රමවේදයක් නිර්මාණය කළ බව සඳහන් කළේය.