Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

නැගෙනහිර පළාත සංවර්ධනයට සංචාරක ගුවන් සේවාවක්

ග්‍රාමීය ප්‍රදේශ ගොඩනැගීමට යෝධ සංවර්ධන සැලැස්මක් ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එම සැලැස්ම 2019, 2020 වසර වලදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර සිටී.  නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර ඇති බව අනාවරණය කළ වික්‍රමසිංහ මහතා නැගෙනහිර පළාතේ සංචාරක ගුවන් සේවාවක් ක්‍රියාත්මක කරන බව ද සදහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ මන්මුනෙයි පත්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.