Social Icons

facebookrss feedemailtwitter

Wednesday, July 11, 2018

දින 26ක් මුහුදේ අතරමංව තිබූ බෝට්ටුව සොයා ගැනේ

ගාල්ල ධීවර වරායෙන්  ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදහන්ව තිබූ බහුදින ධීවර යාත්‍රාව හා ධීවරයින් හත්දෙනා මාලදිවයිනට ආසන්න මුහුදු සීමාවේදී ඊයේ (10) සවස  සොයා ගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම ධීවරයින් රැගත් බහුදින යාත්‍රාව ඉකුත් ජුනි 14 දා ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය අතර ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබිම නිසා එම ධීවරයින්ගේ ඥාතීහු ඔවුන් සොයා දෙන ලෙස ඉල්ලා හික්කඩුව ප්‍රදේශයේ උද්ඝෝෂණ ව්‍යාපාර ද ක්‍රියාත්මක කළහ.

ඒ අනුව නාවික හමුදාව,ගුවන් හමුදාව මාලදිවයිනේ හා ඉන්දියාවේ සහය ඇතිව මෙම යාත්‍රාව සෙවීමේ මෙහෙයුමක නිරත විය. ඒ අනුව ඊයේ (10) සවස 3.00 ට පමණ මෙම බහුදින යාත්‍රාව මාලදිවයිනට ආසන්න මුහුදු සීමාවේ පාවෙමින් තිබෙන බවට තොරතුරු අනාවරණය  කර ගැනීමත් සමග  නාවික හමුදාව මෙම යාත්‍රාව රැගෙන ඒම සඳහා එම අවස්ථාවේදීම පිටත්ව ගොස් තිබිණි.එම ධීවරයින් කිසිදු උපද්‍රවයකින් තොරව යාත්‍රාවේ සිටින බව එම අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කළේ ය.