Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

තුර්කියේ දුම්රිය අනතුරකින් 24ක් මරණයට

තුර්කියේ වයඹ දිග ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැන අනතුරට ලක්වීම හේතුවෙන් 24 දෙනකු මියගොස් 124 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අධික වර්ෂාව සහ නායයෑමක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව බලධාරීහු පවසති.


දුම්රිය ඉස්තාම්බුල් නගරය වෙත ගමන් කරමින් තිබී ඇති අතර ඒ වනවිට එහි මගීන් 362ක් සිටි බව පැවසේ. දුම්රියේ මැදිරි හයක් ඉවතට පෙරළී ඇත. මෙය තුර්කියේ 2004 වර්ෂයේ 41 දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට පසු සිදුවූ මාරාන්තිකම අනතුර බව මාධ්‍ය වාර්තා කරයි.