Social Icons

facebookrss feedemailtwitter

Wednesday, July 11, 2018

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරු සිය එකඟතාව පළකර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ‍ලේඛනයන් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට මෙහිදී දැනුම් දී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. ඒ අනුව ප්‍රථමයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඉදිරියේදී අනෙකුත් වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය. රට තුළ අපරාධ වැඩිවීමට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය බවත් මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවක් එල්ල නොවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.