Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

පොළොන්නරුව ව්‍යාපෘති 180ක් ජනපති අතින් ජනතා අයිතියට

පිබිදෙමු ‍පොළොන්නරුව වැඩසටහනින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වේ.

එය අගෝස්තු 1, 2, 3 යන දිනවල දී ක්‍රියාත්මක කෙරේ. එම ව්‍යාපෘති ජනගත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඇමැතිවරු, විද්වතුන් හා කලාකරුවන් ඇතුළු පිරිසක් එක් වෙති. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු 2015 වසරේ දී ආරම්භ කළ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 6000කි.

විවෘත වන නව ව්‍යාපෘති 180 සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 2144කි. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් 85 ක භෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්ති කාමර ගොඩනැගිලි, සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණික උපදේශන ඒකක, විදුහල්පති හා ගුරු නිල නිවාස, බහුකාර්ය ගොඩනැගිලි ආදි වශයෙන් පරාසයක විහිදෙන අවශ්‍යතා සපුරා දී තිබේ.

පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති 110 සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665කි. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජනතාවක් උදෙසා දිස්ත්‍රික්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන්විතයෙහි තවත් එක් අදියරක් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 890ක් වැය කරමින් ඉදි කර ඇති ව්‍යාපෘති 15ක් ද මේ යටතේ ජනතා අයිතියට පැවරේ.