Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

2020දී චීනයේ කර්මාන්තශාලා 1000ක් වසා දැමීමට පියවර

චීනය එරට අගනුවර වන බීජිං නුවර පිහිටි කර්මාන්තශාලා 1,000කට ආසන්න ප්‍රමාණයක් 2020 වනවිට වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කර්මාන්තශාලා වලින් පිටවන දුමාරය අඩු කිරීමේ සහ එරට අනෙකුත් කලාපවල ආදායම් වැඩි කිරීමේ වැඩසටහනකට අනුව චීන රජය එලෙස බීජිං අගනුවර පිහිටි නිෂ්පාදන ව්‍යාපාර වසා දමන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. සාමාන්‍ය නිෂ්පාදන ක්‍රමවේදවලින් ඉවත් වී ගතික හා වේගවත් උසස් තාක්ෂණික කර්මාන්ත වෙත යොමුවීම කෙරෙහි චීනය අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

නිෂ්පාදන ව්‍යාපාර, කර්මාන්තශාලා සහ සමාගම් ලියාපදිංචිය ඉල්ලමින් ඉදිරිපත් කරන අයදුම්පත් 19,500ක් මේ වනවිටත් බීජිං නගර සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. බීජිං අගනුවර දැනට තිබෙන සාමාන්‍ය නිෂ්පාදන ක්‍රමවේදවලට නිෂ්පාදන කටයුතු කරන ව්‍යාපාර, සමාගම් සහ කර්මාන්තශාලා 2,465ක් චීනයේ වෙනත් කලාපවලට ගෙන යෑමට හෝ වසා දැමීමට හෝ මේ වනවිටත් පියවර ගෙන ඇතැයි අදාළ ප්‍රතිපත්තිමය ලියවිල්ලේ සඳහන්ව ඇත.