Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර රංගිරි - දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමි කර ගනී.

ඒ කඩුලු පහකිනි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 193 කි. ලකුණු 194 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු පහක් දැවී සිය ජයග්‍රහණය හිමිකර ගත්තේය.

නායක ඩුප් ප්ලස්සි ලකුණු 47ක් ද, ජේ.පී.ඩුමිනි නොදැවී ලකුණු 53ක් රැස් කළේය. අකිල ධනංජය ලකුණු 50කට කඩුලු 3ක් දවාගනී. තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දකුණු අප්‍රිකාව 1 - 0ක් ලෙස ඉදිරියෙන් සිටී. දෙවැනි තරගය ලබන පළමු වැනිදා දිවා - රාත්‍රී තරගයක් ලෙස රංගිරි - දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.