Social Icons

facebookrss feedemailtwitter

Wednesday, July 11, 2018

තායිලන්ත අගමැති අනිද්දා දිවයිනට

තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා ලබන 12 හා 13 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුව බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය. 2015 වර්ෂයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තායිලන්ත සංචාරයකදි කළ අරාධනයක් මත තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වනු ඇත.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තරකර ගැනීම සංචාරයේ අරමුණ වේ. නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්වෙනු ඇත. තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන් ඔ චා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.