Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

සංචාරක ව්‍යාපාරය නංවන්න නැ‍‍‍ගෙනහිරට ගුවන් සේවාවක්

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නැගෙනහිර ප්‍රදේශයට ගුවන් සේවාවක් අරඹන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ සඳහා සමාගම් හතරක් ඉදිරිපත්ව සිටී. නැගෙනහිර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ඇති බාධකය ගමනාගමනය බවත්, මත්තල ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීමෙන්ද නැගෙනහිර සංචාරක ව්‍යාපාරයට වාසිදායක තත්ත්වයක් උදාවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නැගෙනහිර ප්‍රදේශයේ ජුනි සිට ඔක්තෝම්බර් දක්වා මාසවලඉහළින් ක්‍රියාත්මක වන සංචාරක ව්‍යාපාරය වසර පුරාවටම ව්‍යාප්ත කිරීම මෙහි අරමුණයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මඩකළපුව මුන්මු‍ෙනයි පත්තු සහ එරාවුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.