Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

බ්‍රික්ස් සමුළුවේදී අමෙරිකානු වෙළෙඳ බඳු හේතුවෙන් විවාදයට ලක්ව ඇති ගෝලිය වෙළෙඳාම ගැන රාජ්‍ය නායකයන් අදහස් දක්වයි

බ්‍රික්ස් සංවිධානයේ 10 වන සංවත්සර සමුළුව මේ වන විට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදී පැවැත්වේ.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් එහි සාමාජිකත්වය දරයි. ඇමරිකානු වෙළඳ බදු හේතුවෙන් විවාදයට ලක්වී ඇති ගෝලිය වෙළඳාම සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය නායකයින් අදහස් දක්වා ඇත. ඒ හේතුවෙන් පෙර නොවූ අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ. මෙම හමුව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්දැල්මීර් පුටීන් සහ චීන ජනාධිපති ෂී ජිං පිං ද හමු විය.