Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

විදෙස් වෙළෙඳාමේ හිඟය ඩොලර් මිලියන 4914කට නගී

ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන හෝ අපනයන පරතරය 2018 ජනවාරි - මැයි දක්වා ඩොලර් මිලියන 4914.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික සමීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

2018 ජනවාරි මැයි දක්වා සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4707.5ක් බවද එම කාල සීමාවේ සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 9621.6ක් බවද එම වාර්තාවේ දක්වා තිබේ.

2018 ජනවාරි -මැයි දක්වා කාලය තුළ කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 1052.9ක් බවද එය 2017ජනවාරි - මැයි කාලය තුළ ආදායමට වඩා ඩොලර් මිලියන 21.5ක අඩු වීමක් බවද එම වාර්තාවේ පෙන්වා දී ඇත. මුහුදු මාළු අපනයනයෙන් 2018 ජනවාරි-මැයි දක්වා උපයාගෙන ඇති මුදල ඩොලර් මිලියන 114.5කි. එය 2017 ජනවාරි -මැයි අතර කාලයේ මුහුදු මාළු අපනයනයෙන් උපයාගෙන තිබූ ආදායමට වඩා 12.3ක ඉහළ අගයක් ගෙන ඇත.