Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ 2ක්

මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

සබරගමුව විශ්ව විද්‍යාලයයේ අලුතින් වෛද්‍ය පීඨයක් ආරම්භ කෙරෙන අතර 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා එම වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද වයඹ විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද ඇතුළත් කර ගැනීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. මීට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයට 2017/2018 අධ්‍යයන වර්ෂයේ සිට ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය යන පීඨ දෙකක් ද අලුතින් පිහිටුවන අතර එම පීඨ දෙක සඳහා සිසුන් 75 බැගින් 150 දෙනකු බඳවා ගැනීමට නියමිතයි.