Social Icons

facebookrss feedemailtwitter

Friday, July 27, 2018

වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද

වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද (27) දැකිය හැකිය.

21 වන සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය වන මෙය ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලට දිස්වන බව පැවසේ. එය හොඳින්ම දිස්වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පමණක් බව තාරකා විදාඥයින් සදහන් කරයි.

අද රාත්‍රීයේ සිට 28 වැනි දින අළුයම තෙක් පැය 06 යි විනාඩි 14 ක පමණ කාලයක් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවේ. මෙම චන්ද්‍රග්‍රහණය කොටස් වශයෙන් ලොව බොහොමයක් රටවලට දිස් වුවද මුළු චන්ද්‍රග්‍රහණයම හොඳින් දිස්වන්නේ නැගෙනහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග රටවලටය. මෙයින් පසුව 2025 වසර දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමි නොවන බව පැවසේ.