Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

ට්‍රම්ප් නේටෝ සමුළුවට යයි

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ මහ සමුළුව ලබන 11 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වෙයි.

ඊට සහභාගීවීමේ අරමුණින් ජනපති ට්‍රම්ප් බෙල්ජියම බලා ගමන් ආරම්භ කර ඇත. ජනපතිවරයා රැගත් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය ඇමෙරිකාවේ සිට කැනඩාවේ බැගොට්විල් ගුවන් කඳවුර බලා පැමිණියේය. ට්‍රම්ප් බෙල්ජියම බලා යනු ඇත්තේ ඉන්පසුවය. නේටෝ සංචාරයෙන් පසු ට්‍රම්ප් රුසියා ජනාධිපති පුටින් හමුවී, මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට ද සූදානම් වෙයි.