Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වේ

විශේෂ ආරක්ෂාවක් මැද පාකිස්තාන මහ මැතිවරණය අද පැවැත්විණ. මැතිවරණය පැවැත්වෙන්නේ, පාර්ලිමේන්තුවේ ආසන 342 ක් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමටය.

බලයේ රැඳී සිටින පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂය යළිත් බලයට පත් වනු ඇතැයි අනාවැකි පළ වී ඇත. බහුතර බලයක් සඳහා ලබා ගත යුතු ආසන සංඛ්‍යාව 172 කි. මුස්ලිම් ලීගය එන් පක්ෂයට අභියෝගයක් එල්ල වී ඇත්තේ, ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙනි. ඉම්රාන්, මෙම පක්ෂයේ නායකත්වය හොබවන්නේ 1996 වසරේ සිටය.

2008 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය දෙවැනි ස්ථානයට පත් විය. මුස්ලිම් ලීගය එන් පක්ෂය නියෝජනය කරමින් අගමැති ධුරය සඳහා ඉදිරිපත් වී සිටින්නේ, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොහොයුරා ෂෙබාස් ෂරීෆ්ය.