Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

ජපානයේ මහ වැස්සෙන් සිය දෙනෙක් මරුට

ජපානයේ බටහිර ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය යාම් හේතුවෙන් මේ වන විට 100 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර 53 දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වේ.

ජපානයට මෙවැනි වර්ෂාවක් කිසි දිනෙක ඇති වී නැති බව එරට කාලගුණ නිලධාරීහු පවසති. පසුගිය සිකුරාදා ආරම්භ වූ වර්ෂාව සති අන්තය පුරා නොකඩවා ඇද හැළුණ බව සඳහන්ය. මෙයින් හිරෝෂිමාවේ ගංගා සහ ජලාශ පිටාර ගලමින් නේවාසික ප්‍රදේශ ගංවතුර තත්ත්වයක් ඇති කළේය.

බොහෝ පිරිස්වලට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට අවස්ථාව අහිමි විය. විශේෂයෙන් ගංවතුර තත්ත්වය එක්වරම වැඩි වී ඇති අතර ජනතාවට සිතන්නට තරම් කාලයක් හිමි වී නැත. සාමාන්‍ය සෞම්‍ය කාලගුණයක් පවතින හිරෝෂිමාව ස්වභාවික ව්‍යසන ඇති වන්නේ බොහෝ අඩුවෙනි. එහි සිටින ජනතාවට මෙවන් අත්දැකීමක් මීට පෙර ලැබී නැති බැවින් සිදු වූ හානිය වැඩි වී තිබේ.
විදෙස් වාර්තාවලට අනුව මිලියන දෙකක පමණ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදු වී ඇති අතර බේරා ගැනීමේ සේවකයන් කාලයට එරෙහිව වැඩ කරන බව ජපාන අගමැති ෂින්ෂො අබේ මහතා ප්‍රකාශ කරයි. මේ අතර කෝචි ප්‍රදේශයට ඇද හැළුණ වර්ෂාව 1976 වසරෙන් පසු ඇති වූ වැඩිම වර්ෂාපතනය වාර්තා කරන බව කාලගුණ විද්‍යා ආයතනය පවසයි. ෂිකෝකු දිවයිනේ මොටොයාමා නගරයට මිලි මීටර් 583ක වර්ෂාවක් සිකුරාදා උදෑසන සිට සෙනසුරාදා උදෑසන කාලය අතරතුර ලැබී ඇත.

සඳුදා දිනයේ දී බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 250කටත් වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවට එරට කාලගුණ විද්‍යායතනය අනතුරු අඟවා තිබුණි. මිලියන දෙකක් වූ ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර