Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

‘බ්‍රිරක්සිට්’ ලේකම් ඬේවිඞ් ඬේවිස් සිය ධුරයෙන් ඉවත් වෙයි

මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්, කටයුතු කරන ‘බ්‍රිරක්සිට්’ ලේකම් ඬේවිඞ් ඬේවිස් සිය ධුරයෙන් ඉවත් වී ඇත.

මෙය බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේට එල්ල වුණු දරුණු අතුල් ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමෙහිලා අගමැතිනී තෙරේසා මේ කටයුතු කරන ආකාරය බොහෝ දෙනාගේ විවේචනයට එල්ල වී අර්බුදයක් නිර්මාණය වී ඇත. ඬේවිඞ් ඬේවිස් සිය ධුරයෙන් ඉවත් වූයේ ඒ අනුවය.