Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

නිදහස් වෙළෙද ගිවිසුමෙන් ලංකාවට වැඩි ආයෝජන

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශයන් වැඩි කිරීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං මහතා පවසයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමුවූ අවස්ථාවේ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. නිදහස් වෙළෙඳ ගිවිසුම ඔස්සේ නව තාක්ෂණය, දැනුම හා රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ලබා ගැනීමට හැකි වන බවද මෙහිදී අවධාරණය කෙරිණි. ආර්ථික, පරිපාලන හා සමාජයීය ක්ෂේත්‍රයන්හිදී දෙරට සමීපව කටයුතු කිරීමෙන් දෙරටටම වාසිදායී අවස්ථා නිර්මාණය කර ගත හැකි බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.