Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

ආසියා ශාන්තිකර කලාපයේ විශාලතම යුද අභ්‍යාසය ඕස්ට්‍රේලියානු අහසේ

ඕස්ට්‍රේලියාවේ උතුරු දිග වෙරළ තීරයට ඉහළ අහසේදී රටවල් 16ක සහභාගීත්වයෙන් ගුවන් හමුදා යුද අභ්‍යාසයක් පැවැත්විණ.

මෙම ගුවන් හමුදා අභ්‍යාසය ආසියා ශාන්තිකර කලාපයේ පැවැති විශාලතම ගුවන් හමුදා යුද අභ්‍යාස වලින් එකක් වශයෙන් සැළකේ. ඕස්ට්‍රේලියාවේ උතුරු දිග නිවර්තන නගරයක් වන ඩාර්වින් නගරය මෙම ගුවන් හමුදා පුහුණු යුද අභ්‍යාසයේ සත්කාරකත්වය දැරූ අතර 4,000කට ආසන්න පිරිසක් ඊට සම්බන්ධ වූ අතර යානා 140ක් ඒ සදහා යොදා ගැනුණි.

ඉදිරි සති තුනක කාලයේදී පුහුණු අභ්‍යාස පැවැත්වීමට නියමිතයි. ආසියානු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව හා කලාපයේ රටවල් අතර සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම පුහුණ ගුවන් හමුදා යුද අභ්‍යාසය පැවැත්වෙයි. මෙම යුද අභ්‍යාසය ආරම්භ වූයේ ඕස්ටේ්‍රලියාව සහ සිංගප්පූරුව අතරය. එය මුලින්ම පවත්වන ලද්දේ 1990 වසරේදීය.


අද වනවිට ඊට රටවල් 16ක් එක්ව සිටී. ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, නෙදර්ලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, ස්වීඩනය, තායිලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ගුවන් හමුදා මෙම පුහුණු ගුවන් යුද අභ්‍යාසයට එක්ව සිටී.