Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

කුඩා වැව් 789ක් පිළිසකරට අනුමැතිය

වියලි කලාපීය දිස්ත්‍රික්ක 11ක් පුරා විසිරී පවතින ඇති කුඩා වැව් 789ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.

ඇමරිකානු ඩොලර් මිලියන140ක මුළු ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක් වන මෙය 2018 - 2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු අරමුදල් සහායද සහිතව ක්‍රියාත්මක කෙරෙනු ඇති. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

සුළු වාරිමාර්ග මඟින් වගා කෙරෙන මේ කුඹුරු ඉඩම් දේශගුණික විපර්යාසයන් හී බලපෑමට ඉතා පහසුවෙන් ලක්විය හැකි නිසා දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ වේ. ඒ අනුව එම වැව් මඟින් වගා කෙරෙන වගා බිම්වල ඵලදායිතාව ඉහළ නැංවීම ද සිදු වනු ඇති.