Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

කාම්බෝජ මහ මැතිවරණය

කාම්බෝජ මහ මැතිවරණය පැවැත්වෙන අතර, 1985 වසරේ සිට බලයේ සිටින අගමැති හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂය, යළිත් බලයට පත්වීමට නියමිතයි.

කාම්බෝජ පාර්ලිමේන්තුව ආසන 125 කින් සමන්විතය. බහුතර බලය සඳහා ආසන 63 ක් දිනාගත යුතුවේ. මීට පෙර කාම්බෝජයේ මහ මැතිවරණයක් පැවැත්වූයේ 2013 වසරේදීය. කාම්බෝජයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස එම මැතිවරණයට ඉදිරිපත් වූයේ “කාම්බෝජ ජාතික ගලවා ගැනීමේ පෙරමුණ” ය.

අගමැති හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂයට අභියෝගයක් කළ හැකි එකම පක්ෂය ද මෙයයි. ඇමෙරිකාව සමඟ එක්වී කුමන්ත්‍රණය කරන බවටත්, දේශද්‍රෝහීන් බවට චෝදනා එල්ල වීමෙන් පසු කාම්බෝජ ජාතික ගලවා ගැනීමේ පෙරමුණ තහනම් කිරීමට කාම්බෝජ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ, පසුගිය වසරේ නොවැම්බරයේදීය. ඒ අනුව මෙවර මැතිවරණයට “කාම්බෝජ ජාතික ගලවා ගැනීමේ පෙරමුණ” ඉදිරිපත් නොවේ. අගමැති හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂයට අභියෝගයක් කිරීමට කිසිදු පක්ෂයක් නොමැති බවත් පහසු ජයක් හිමිකර ගැනීමට හැකිවනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.