Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

අධික වැසි නිසා ගංවතුර හා නායයෑම් රැසක්

මේ දිනවල චීනයට බලපා ඇති අධික වැසි හේතුවෙන් ගංවතුර හා නායයාම් රැසක් වාර්තා විය.

චීනයේ යුනාන් ප්‍රදේශයට බලපා ඇති අධික වැසි හේතුවෙන් යුනාන් සහ සීචුවාන් පලාත්වලට නායයාම් සිදු වී තිබේ. යුනාන් පළාතේ ෂැන්ඩියාන් නගරයට තෙදිනක් තිස්සේ මිලි මීටර් 50කට අධික වැසි පතිත වීමෙන් එහි ස්ථාන රැසක් ගංවතුරෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

කඳුකර සීචුවාන් පළාතේ ජාතික අධිවේග මාර්ගය සමීපයේ සිදුවූ නායයාමකින් ඝන මීටර් 3600ක මඩ සහ පාෂාණ අවට ප්‍රදේශය පුරා විසිර ගොස් යාමෙන් ගමනා ගමනයට බාධා වී තිබුණි. හානි වූ අධිවේගී මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතියි. නිරන්තරයෙන් ස්වභාවික ව්‍යසනවලට මුහුණදෙන චීනය මෙවර වර්ෂා සමයේදී ද විපත් කිහිපයකින්ම පීඩා විදියි.