Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

ප්‍රංශය සහ බෙල්ජියම අවසන් පූර්ව තරග බිමට

ප්‍රංශයේ යොවුන් ක්‍රීඩක කයිලාන් බපේ සහ බෙල්ජියමේ රොමේලු ලුකාකු අතර ද්වන්ධ සටනක් නිර්මාණය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (10) රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර ක්‍රෙස්ටොව්ස්කි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

රතු යක්ෂයන් නමින් විරුදාවලිය ලත් බෙල්ජියම අද තරගයේදී ප්‍රංශයේ ලෙස් බ්ලූස් කණ්ඩායම බිමට සමතලා කිරීමට බලා සිටින අතර සිය දෙවැනි පාපන්දු ලෝක කුසලානය හඹා යන ගමනේ බෙල්ජියමේ බාධකය කඩා බිඳ දැමීමට ප්‍රංශය කුරුමානම් අල්ලමින් සිටී.

19 හැවිරිදි විශිෂ්ට ක්‍රීඩක කයිලාන් බපේට අද තරගයේදී ප්‍රංශයේ වැඩි බරක් කරපින්නා ගැනීමට සිදුවී ඇති අතර බෙල්ජියම ඉහළට ඔසවා තැබීමේ වගකීම පැවැරී ඇත්තේ තරගාවලියේ මෙතෙක් බෙල්ජියම වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ රොමේලු ලුකාකුටය.

2006 වසරෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී ගෝල 2-0 කින් උරුගුවේ පිල පරාජය කරමිනි. පස් වතාවක් ලෝක පාපන්දු කිරුළ දිනාගත් බ්‍රසීලය ගෝල 2-1 කින් පරදවා අවසන් පූර්ව වටයට බෙල්ජියම සුදුසුකම් ලැබුවේ වසර 32 කට පසුවය.