Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ඊශ්‍රායලය, යුදෙව් රාජ්‍යයක් ලෙසට සම්මත වෙයි

ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ලෙස හඳුනාගැනීමේ මතබේදාත්මක පනතක් එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා.

එය සුළුතර අරාබි ජාතිකයන්ගේ දැඩි විරෝධයට හේතු වී ඇති බවයි, වාර්තා වන්නේ. නෙසට් ලෙස හඳුන්වන ඊශ්‍රායල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පනත වැඩි ඡන්දයෙන් සම්මත විය. ඉකුත් මාර්තු මස දී ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමත කළ පනයේ අවසන් කෙටුම්පතයි මෙසේ අනුමත කෙරුණේ.

අදාළ පනතින් ඊශ්‍රායලය මුලුමනින්ම යුදෙව් රාජ්‍යයක් ලෙස හඳුනා ගැනෙනවා. ජාතික රාජ්‍ය නීතිය ලෙස හඳුනාගත් අදාළ පනතින් නිල භාෂාව ලෙස හිබෘ ප්‍රකාශයට පත් කෙරුණේ අරාබි භාෂාවට ඉහළින්. නමුත් මේ පනතට එරෙහිව ඊශ්‍රායල් පාර්ලිමේනතුවේ සුළුතර අරාබි කණ්ඩායම් දැඩි විරෝධය පළකළා. ඔවුන් එය ඉරා දමමින් කළහකාරී ලෙස හැසිරී තිබේ.ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පනත සම්මත වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන අතර, ඔහු කියා සිටින්නේ මෙය ඓතිහාසික අවස්ථාවක් වන බවයි.