Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට වසර 8ක තවත් සිර දඬුවමක්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිති පාක් ගියුන් හේට වසර 8ක තවත් සිර දඬුවමක් නියම කෙරුණා.

ඒ ඇය දැනට විඳිමින් සිටින 24 වසරක සිට දඬුවමට අමතරවයි. හිටපු ජනාධිපතිනි පාක් හියුන් හේ දූෂණ චෝදනා රැසකට වැරදිකරු බව නඩු විභාගවලදී තහවුරු වුණා.

වසර 8ක සිර දඬුවමක් ලබාදී ඇත්තේ රජයේ අරමුදල් අවභාවිත කර පාඩු සිදු කිරීමේ චෝදනා මුල් කරගෙනයි. අමෙරිකානු ඩොලර් මිලියන 26කට අධික රජයේ මුදල් ඇගේ පාලනය යටතේ අවභාවිත කෙරුණු බවට චෝදනා ගොනුකර තිබුණා. දඬුවම ප්‍රකාශ කෙරෙන අවස්ථාවේ 66 හැවිරිදි ජනාධිපතිනිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඇයට එරෙහි තවත් නඩු විභාග කිහිපයක්ම පවතින බව වාර්තා වේ.