Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

වෛද්‍යවරයකුගේ දීමනාව රු.15000 විශේෂඥ රු.25000 ඉහළට

දුරකථන ඇමතුමක් ලද විගසින් (On Call) හදිසි සේවා සඳහා රාජකාරියට පැමිණීම වෙනුවෙන් දැනට වෛද්‍යවරුනට ගෙවන දීමනාව (DAT) වූ රුපියල් තිස්පන්දහසක මුදල රුපියල් පනස් දහස දක්වාත්, විශේෂඥ වෛද්‍යවරුනට ගෙවන එම දීමනාව රුපියල් හැටදහස දක්වාත් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව දැනට රජයේ රෝහලක සේවය කරන එම්. බී. බී. එස්. වෛද්‍යවරයකු ලබන මෙම රුපියල් 35,000 දීමනාව රුපියල් 15,000 කින් ද, විශේෂඥ වෛද්‍යවරයකු ලබන රුපියල් 35,000 දීමනාව රුපියල් 25,000 කින් ද වැඩිවන බව මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරියකු සදහන් කරයි. වෛද්‍යවරුන්ට ගෙවන මෙම දීමනාව ලබාදීමට මෙතෙක් ක්‍රමවත් ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක නොවන බව ද පැවසේ.