Social Icons

facebookrss feedemailtwitter

Wednesday, July 11, 2018

පාරමීගෙන් නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක්

පින්ලන්තයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ පාරමී වසන්තී මීටර් 3000 කාන්තා බාධක දිවීමේ නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සමග එම ඉසව්වේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කළාය.

පින්ලන්තයේ ටැම්පේරා රටීනා ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවූ මේ ශූරතාවලියේ පළමු දිනය වූ ඊයේ කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ පාරමී වසන්තී හා වලල රත්නායක විදුහලේ දිල්ෂි කුමාරසිංහ මීටර් 800 ඉසව්වෙන් තරග වැදුණහ.