Social Icons

facebookrss feedemailtwitter

Friday, July 13, 2018

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට ජී.පී.එස්. තාක්ෂණය

වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ නිරීක්ෂණය කිරීම සඳහා ඒවා ජී.එස්.පී. තාක්ෂණයට සම්බන්ධ කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කරයි.

ඒ සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් නව වැඩපිළිවෙලක් සකස් කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමාගම අතර ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල සහ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරු අත්සන් තබා ඇත.

වැලි ප්‍රවාහනයේ දී මෙතෙක් සිදු වූ සියලු අක්‍රමිකතා හා දූෂණ මැඩලීමට මෙම නව ක්‍රමය යටතේ ඉඩ සැලසේ. බලපත්‍රය මඟින් ලබා දී ඇති වැලි කියුබ් ප්‍රමාණයට වඩා වැලි ගොඩදැමීම හා අක්‍රමවත් ව ප්‍රවාහනය කිරීම නව ජී.පී.එස්. තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට කාර්යාංශය පියවර ගෙන තිබේ. එසේම ජී.පී.එස්. තාක්ෂණ සබඳතා ලබා නොගන්නා ටිපර් රථවලට වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකරන බවද කාර්යාංශය පවසයි.