Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

උතුරු සහ දකුණු පළාත් ආශ්‍රිතව මත්ස්‍ය වගාවට සහ නිෂ්පාදනට කර්මාන්ත පුරයක්

උතුරේ මත්ස්‍ය අපනයන කර්මාන්ත කලාපය ඉදිකිරීම සදහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ආයෝජනයක්.

අපනයනය සඳහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ඉස්සන්, කකුළුවන් ඇතුළු මත්ස්‍යයින් වගා කිරීම සදහා ඒ අනුව බලාපොරොත්තු වේ. එම මත්ස්‍ය වගා සහ නිෂ්පාදන කර්මාන්ත පුරය අක්කර 500 ක භුමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වනු ඇත. එමගින් නව රැකියා 800 ක් සහ වක්‍ර රැකියා 2000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ආයෝජනය සදහා වන ව්‍යාපෘති වාර්තාව සතියක් ඇතුළත බලා දීමට ආයෝජකයින් කැමැත්ත පළකළ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කරයි. ඒ අනුව මෙම මත්ස්‍ය වගාව සහ නිෂ්පාදන කර්මාන්ත පුරය සදහා සුදුසු ප්‍රදේශයක් උතුරු සහ දකුණු පළාත් ආශ්‍රිතව හදුනාගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති බව ද පැවසේ.