Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

1 වසරට සිසුන් ගැනීමේ චක්‍ර‍ලේඛය නිකුත්වේ

ලබන වසරේ රජයේ පාසල්වලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍ර ‍ලේඛය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

එම චක්‍ර‍ලේඛය සහ අයැදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වබේ අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එම චක්‍ර‍ලේඛයට අනුව පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 37ක් වන අතර සිසුන් 32ක් පාසල මගින්ද තවත් 5 දෙනෙකු ක්‍රියාන්විත රාජකාරියේ නියුතු ත්‍රිවිධ හමුදාවේ සහ ‍පොලීසියේ සාමාජිකයින්ගේ දරුවන්ගෙන් තෝරාගත යුතු බව සඳහන් කර ඇත.

මීට අමතරව සෑම අයැදුම්කරුවෙක්ම අවම වශයෙන් ආසන්න පළාත් සභා පාසල් 3ක් ඇතුළුව පාසල් 6කටවත් ඉල්ලුම් කළ යුතු බවද චක්‍ර ‍ලේඛයේ සඳහන් කර ඇත.