Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

බැඳුම්කර අක්‍රමිකතා සෙවීමට ජාත්‍යන්තර විගණන සමාගමක්

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සෙවීම සඳහා වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විගණන සමාගමක සේවය ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනු ලැබිය.

එම කොමිෂන් සභා වාර්ථාවට අනුව මේ පිළිබඳව එකිනෙකට වෙනස් වෝහාරික විගණන සිදුකිරීමට නිර්දේශ කර ඇත. ඒ සඳහා මනා පරිචයක් හා විශේෂතාවක් සහිත ස්වාධීන සමාගමක, හෝ සමාගම්වල සේවය ලබාගැනීමට සුදුසු බව යෝජනා වී ඇත. ඒ අනුව එවැනි සමාගමක් තෝරාගැනීම සඳහා උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය අවසර දී තිබේ.