Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 14, 2018

චීන ආධාර මත රොහල් 13 ක් සංවර්ධනය කෙරේ

චීන මහජන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හාදේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ඒ සඳහා වැය කිරීමට නියමිතය. දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, එරාවුර් මුලික රෝහල, පොතුවිල්මුලික රෝහල, කල්පිටිය ප්‍රාදේශීය රෝහල, රකිල්ලගස්කඩ මුලික රෝහල, මැදිරිගිරිය මුලිකරෝහල, පදවිය මුලික රෝහල,වලස්මුල්ල මුලික රෝහල, කලවාන මුලික රෝහල, මහියංගණය මුලික රෝහල යන රෝහල් මෙහිදී සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම රෝහල්වල බාහිර රෝගී අංශය, සායන සංකීර්ණ, වාට්ටු සංකීර්ණ, මාතෘ ඒකක, ඖෂධ ගබඩා, බෝනොවන රෝග ඒකක, රුධිරපාරවිලයන මධ්‍යස්ථාන, රසායනාගාර, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මාතෘ වාට්ටුසංකීර්ණ ඇතුලු තවත් සේවා ස්ථාන රැසක් සංවර්ධනය කිරීමට නියමිතය.