Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

ජී 7 සමුළුවේදී ඇමෙරිකාවේ බදු විවේචනයට

ජී 7 සමුළුවේදී ඇමරිකාවේ භාණ්ඩාගාරික ‍ලේකම් ස්ටීව් මන්චින් අනෙකුත් ජී හත රටවල ඇමැතිවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර ඒ ඇමරිකාව විදේශ රටවලින් ගෙන්වන වානේ හා ඇළුමීනියම්වලට පනවා ඇති නව බදු හේතු වෙනි.

දින කිහිපයක් තුළ වෙළෙඳ යුද්ධයක් ඇතිවිය හැකි බව ප්‍රංශයේ ඇමැති බෘෘනෝල මෙයිර් මෙහිදී පවසා තිබේ. මේ අතර ඇමෙරිකාවේ වාණිජ ‍ලේකම් විල්බර් රොස් හා චීන උප අගමැති ලියුහේ අතර හමුවක් බිජීං නගරයේදී පවත්වා ඇත්තේ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්වීමටය.

මේ අතර ට්විටර් පණිවුඩයක් යවමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ වෙළෙඳ ගනුදෙනුවලදී වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව අනෙක් රටවල සූරා කෑමට ලක් වූ බවය. වානේ සඳහා පැන වූ බදුවලින් ඇමෙරිකාවේ වානේ නිෂ්පාදකයින්ට සෙතක් සැලසෙන බවද, එය ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පවසයි. යුරෝපයේ හා වෙනත් ස්ථානවල ඇමෙරිකානු ආයතන මුහුණදෙන බාධක ගැනද මෙහිදී ජනපතිවරයා සඳහන් කොට තිබිණි.