Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

සමාජ ජාල තහනමේ පාඩුව බිලියන 4.7 ක්

පසුගිය මාර්තු මස 7 දා සිට 15 වනදා දක්වා පැවැතුණු සමාජ ජාල තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 4.7 ක් බව සමාජ ජාල පරිශීලකයන්ගේ එකමුතුව පවසයි.

සමාජ ජාල තහනම හේතුවෙන් රටට සිදුවූ පාඩුව පිළිබඳ අන්තර්ජාතික සංවිධානයක් වන Netblocks.org හරහා ගණනය කර තිබෙන අතර එය නිල වශයෙන් අන්තර්ජාල සංසදය විසින් නිවේදනය කර ඇති බවත් සමාජ පරිශීලකයන්ගේ එකමුතුව පවසයි. අන්තර්ජාතික සංවිධානයක් වන Netblocks.org හරහා රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව ගණනය කිරීම සඳහා මූලික කරුණු කිහිපයක් පිළිබඳව සලකා බලා ඇති බවද එම එකමුතුව පවසයි.

ඒ අනූව සමාජ ජාල තහනම තුළින් රටේ සංචාරක කර්මාන්තයට හා ව්‍යාපාරික ප්‍රජාවට දැඩි හානියක් සිදු වී ඇති බවත්, රට තුළ පවතින වෙනත් විදේශ විනිමය උපයන ව්‍යාපාර සඳහා දැවැන්ත හානියක් සිදු වී ඇති බවත් සඳහන් වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය ෆේස්බුක් සමාගමෙන් කර ඇති තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන විට 2013 වසරේ සිට 2017 වසර දක්වා ඉන්දියානු රජය ෆේස්බුක් ගිණුම් 67,354 ක තොරතුරු ඉල්ලා ඇති අතර එම කාලයේදීම ශ්‍රී ලංකා රජය තොරතුරු ඉල්ලා ඇත්තේ ගිණුම් 9 ක තොරතුරු පමණක් බවද සමාජ ජාල පරිශීලකයන්ගේ එකමුතුව පැවැසීය.